Dekopula Kadulin Thema (Amaa Theme Song) – Lahiru Perera ft. Abhisheka

දෙකොපුල් කදුළින් තේමා – තොල් පෙති නළලත තබා
නික්මුනදා හිස සිඹ මා – ලත වෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ…….

මින් පෙරදි අපි මේ භවේ – වෙන් වී යන්නට ඇතී
මේ කදුළු ගංගා ඉමේ කොතනැක හෝ – මගේ ජීවිතේ ඉකිබිදී
ඔබ දෙනෙත් යලි යලි සොයයි – අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබේ පපුතුලේ මා හිදී – මගේ පපුතුලේ නුඹ හිදී
ලංවෙන්න වෙන්නේ නම් වෙන්නෑ සුහදිනී…….

දෙකොපුල් කදුළින් තේමා…………..

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහි යන්නට ඇතී
මුදු සුවඳ දෙන් මයිමේ නොදැන පිපී
හමුවිම ප්‍රේමය නොවේ වෙන්විම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබේ සිහින වල මා හිදී – මගේ සිහින ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ සුහදිනී…….

දෙකොපුල් කදුළින් තේමා…………..