Adahanna Ba – Shashika Nisansala

අදහන්න බෑ ඔබද මේ
සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වය කිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතු පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ…..
කවියක්ද ඒ ආදරේ…..

ගිම්හානයේ සුහුබුල් සඳේ
නැබුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා

පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ

අදහන්න බෑ ඔබද මේ……….
කවියක්ද ඒ ආදරේ……….////

Ma Ahase – Shasika Nisansala

මා අහසේ ලියු දේ පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියුදේ ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි

ප්‍රර්ථනා මහා කන්දේ
කළුවර පාමුල වුන්නේ මං
නුබේ නුරා තරු එළියේ
කදු මුදුනට ගෙන නොගියා නම්

අදද් මා හිදිවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට හිතවත් මට තියෙවී

මා අහසේ ලියු දේ ……..

Gimhana Kale – Shashika Nisansala

ගිම්හාන කාලේ සිත්යායේ ගැවීලා
ලං වේද මා ආයේ ඒ දෑසේ
සිත් මාගේ පෑරේද වස්සනේ වාගේ
සංකා නොදි පාව එදෝ මා සොයා

පෙර වේදනා ගෙනා පාවගිය පාළු ජිවිතේ
යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
හද යාවේලා සදා පැහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

නන් නාද වේ සිනා ශූන්ගාරේ වැහෙනා
සන්තාප හෝරාව පාවීලා
නිම්නාද පාෙවිලා පින්තාරේ ගැවීලා
කැන්දා ගෙනා හීන ගැවීලා රෑ පුරා
පෙර වේදනා ගෙනා…………

නිස්සාර කාරනා ඇස්ගාව තෝරලා
හින්සාව නෑ මාව පාරාලා
සිත් මාගේ සදලා සත් පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගැවීලා රෑ පුරා
පෙර වේදනා ගෙනා…………