Tharuda Nidana Maha Ra – Nanda Malani

තරුද නිදන මහා රෑ
නිදමි මහඳ නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි කියවේ මහා රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කන්දුලැලි ගලන තරම්
රැහැයි හඩන විට හදුනා ගනු මැන
රෑ තුන් යමේ හනඬන හැඩුම්

තරුද නිදන මහා රෑ
නිදමි මහඳ නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි කියවේ මහා රෑ

සුලඟ නොවේ මේ පවී එන්නේ
කිවුටියක හිර වී හෙලනා සුසුම්
අතු අග පර වී බිමට වටෙන්නේ
සමනල යුගයක පිපුනු කුසුම්

තරුද නිදන මහා රෑ
නිදමි මහඳ නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි කියවේ මහා රෑ