Lan Lan Wela – Noyel Raj

ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

දුප්පත් කථාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

Mawa Amatha Kalata – Noyel Raj

මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුළකට……..//

අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
පිවිතුරු මගේ ආදරේ සැමටම විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

මාව අමතක කලාට……..

ආදරයයි කඳුළයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
සිත් බිදිලා තනිවුන මං වගේ හඩන පෙම්වතුන්
ආදරයක් නැතිවුන කෙනෙකුට සිනහා නොම වෙයන්

මාව අමතක කලාට……..

Mage Jiwithe – Noyel Raj

මගේ ජීවිතේ අලූත් පිටුවක් පුරා
ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා
පහනක් පැතු මා සඳ හමුවෙලා
හිනැහේවි සසරේ පුරා

තරුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
ගීයක් උනා ඔබව හමුවු දිනේ
මට හිමි උනා ඔබගේ නිකලැල් සේනේ
අළුතින් ලෝවක් හදමු අපි ජීවිතේ

සුසුමක් නැගේවි ඔබගේ හදේ
හසරැල් නැගේවි ඔබගේ මුවේ
රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
කුමරා මමයි ඔබගේ පෙම් ලෝකයේ