Mawa Amatha Kalata – Noyel Raj

මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුළකට……..//

අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
පිවිතුරු මගේ ආදරේ සැමටම විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

මාව අමතක කලාට……..

ආදරයයි කඳුළයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
සිත් බිදිලා තනිවුන මං වගේ හඩන පෙම්වතුන්
ආදරයක් නැතිවුන කෙනෙකුට සිනහා නොම වෙයන්

මාව අමතක කලාට……..

ප්‍රතිචාරයක් ලබාදෙන්න