Adahanna Ba – Shashika Nisansala

අදහන්න බෑ ඔබද මේ
සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වය කිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතු පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ…..
කවියක්ද ඒ ආදරේ…..

ගිම්හානයේ සුහුබුල් සඳේ
නැබුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා

පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ

අදහන්න බෑ ඔබද මේ……….
කවියක්ද ඒ ආදරේ……….////

Lan Lan Wela – Noyel Raj

ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

දුප්පත් කථාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

Ratakin Eha Igili – Priya Soriyasena

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා

රටකින් එහා ඉගිලී……….

Kaviyakata Pada Soyana – Roshan Pranando

කවියකට පද සොයන කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
ගහ කොළද මඳ නලද නුඹ හට කවි බදී

පින්න පිරි තණපතක් අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩී තණපළස සිප ගනී…….//

කවියකට පද සොයන…………..

සුළඟ ඉගිබිගි කරයි කෙහෙරැල්ල දඟකරයි
හිරු කිරණ හොරෙන් විත් සුදු මුවට හැඩ දමයි…….//

කවියකට පද සොයන…………..

Oba Yanna – MiLiN

එපා තවත් මගේ හිත රිදවන්න……//
ආල නුරාකම් නෑ මට සොඳුරු
ප්‍රේම හැගුම් මතකයේ මට වුනි රුදිරු
ඔබ යන්න ඔබ යන්න

හිත කීරි ගැහෙනවා මගේ වෙනදා විදිහට
නුඹ මතක ලොවේ සැරිසරන වෙලාවට
නුඹ නැතිව බැරිවුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යලි ගොළු වු හදකට
ඔබ යන්න ඔබ යන්න

හිත කීරි ගැහෙනවා…….

එපා තවත්…….

Ruwak Edenawa – Gunadasa Kapuge & Karunarathna Diulgane

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇදිරිය දෑස වසනවා
හඳ පොදි බැදි දුක දිය කර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන්විය මල් මත මුලහිද
කිම තොල මීවිත පොගවන්නේ
නුරා වීරාහ් ගිනි නිවා දමන්න්යි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා……..

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

රුවක් ඇදෙනවා……..

Pooja – Centigradz ft. Samitha

මේ ආදරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා
රණහසරැල් වසන්තේ ආදරය අතුරා දෝතින්ම පුජා කලා
සිල කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ ආදරය මන්මත් කලා

පුජා…. පුජා…. පුජා…. පුජා….
පුජා…. පුජා…. පුජා….

හඩන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සැමදා
ඒ නුඹ හින්දා
වහින්න මහා වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නේ නැතිදෝ
මා තනිවීලා

රණහසරැල් වසන්තේ…….

පුජා…. පුජා…. පුජා….

Mawa Amatha Kalata – Noyel Raj

මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුළකට……..//

අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
පිවිතුරු මගේ ආදරේ සැමටම විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

මාව අමතක කලාට……..

ආදරයයි කඳුළයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
සිත් බිදිලා තනිවුන මං වගේ හඩන පෙම්වතුන්
ආදරයක් නැතිවුන කෙනෙකුට සිනහා නොම වෙයන්

මාව අමතක කලාට……..

Mage Samaru Pothe – Priya Soriyasena

මගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා…..//

පාසල හැර අපි වෙන්ව ගියා
මතක සේයා මවා
ඔබ ලියුදේ තියා
කී දේවල් පවා
සුළෙඟ් විසිරි දුවිල්ල වාගේ…..

උණුසුම් ආදර වදන් ඔබේ
අද ඇතේ තනිවෙලා
මා සිතින් වැළපිලා
සොඳුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ
සිහිකරමි ඔයා….

Mage Jiwithe – Noyel Raj

මගේ ජීවිතේ අලූත් පිටුවක් පුරා
ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා
පහනක් පැතු මා සඳ හමුවෙලා
හිනැහේවි සසරේ පුරා

තරුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
ගීයක් උනා ඔබව හමුවු දිනේ
මට හිමි උනා ඔබගේ නිකලැල් සේනේ
අළුතින් ලෝවක් හදමු අපි ජීවිතේ

සුසුමක් නැගේවි ඔබගේ හදේ
හසරැල් නැගේවි ඔබගේ මුවේ
රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
කුමරා මමයි ඔබගේ පෙම් ලෝකයේ